Home Hit මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අදයි

මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අදයි

346
0

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවනු ඇති.

ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රිය ගෙවී එනම් 17 වනදා අලුයම 12.13ට මෙම චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ මෙම අර්ධ චන්ද්‍රග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාව, අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාවට, යුරෝපය සහ ආසියාවේ බොහෝ රටවලටත් දිස්වන බවයි.

මේ ආකාරයෙන් පියවි ඇසට පෙනෙන චන්ද්‍රග‍්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මින් පසු උදාවන්නේ 2021 මැයි 26 වනදා බවද මහාචාර්යවරයා සඳහන් කර සිටියා.

මේ දිනවල අහසේ ඉතා දීප්තිමත්ව බැබළෙන යෝධ ග‍්‍රහලෝක දෙකක් වන බ‍්‍රහස්පති සහ සෙනසුරු ග‍්‍රහනයන්ද මෙම අවස්ථාවේදී චන්ද්‍රයාට ඉතාම ආසන්නව පිහිටන බවත්, එබැවින් මෙදින දුර්ලභ ආකාශ වස්තු දැකගත හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here