Home Hit ඇසළ පුර පසලොස්වක පොහොය අදයි

ඇසළ පුර පසලොස්වක පොහොය අදයි

341
0

ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබෙනවා.

බෝසත් චරිතය මෙන්ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක්.

තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහමායා දේවියගේ කුස පිළිසිදගැනීම අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙයි කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම ද ඇසළ පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකරනු ලැබුවේ ද ඇසළ පුර පසලොස්වක පොහෝ දිනකදී යි.

බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව ද අද වැනි පොහෝ දිනක සිදුකර තිබෙනවා.

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කිරීම සිදුවන්නේ ඇසළ පුර පසලොස්වක පොහෝ දිනයේ බැවින් ථේරවාදී බෞද්ධ ජනතාවට මෙම පොහොය ඉතා වැදගත් පොහෝ දිනයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here