Home Hit මොරගහකන්ද ජලාශ රක්ෂිතයේ දැඩි ගින්නක් – PHOTOS

මොරගහකන්ද ජලාශ රක්ෂිතයේ දැඩි ගින්නක් – PHOTOS

486
0

මොරගහකන්ද ජලාශ රක්ෂිතය තුළ ඇවිලී ගිය ගින්න හේතුවෙන් ජලාශ රක්ෂිතයට මෙන්ම වන සතුන් රැසට හානි සිදුවී ඇති බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සදහන් කරනවා.

ඊයේ (15) සවස් කාලයේ හටගත් මෙම ගින්න බොහෝ වේලාවක් පැවති අතර ගින්න නිවීයෑමට සුළං තත්ත්වයෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ වසර සිය ගනනක් පැරණි වටිනා දැවමය ශාක රැසක් සම්පූර් ණයෙන්ම විනාශ වි ඇති අතර කුඩා පැලෑටි මෙන්ම පලු සහ බුරැත වැනි දැවමය ශාක ද විනාශ වී ඇතැයි සඳහන්.

මෙම අවස්ථාවට එක්වු මොරගහකන්ද වාරි ව්‍යාපාතියේ මහජන සම්බන්ධතා නිළධාරි පී.ජී. දයානන්ද කියා සිටියේ වසරක් පාසා සිදුකරනු ලබන වනාන්තර ගිනිතැබීම් තුළින් මොරගහකන්ද පාරිසරික පද්ධතියට බරපතල හානීයක් සිදුවන බවයි.

ජලාශය ආසන්නයේ පිිහිටි වන ලැහැබ් ජලාශයේ පැවැත්ම සදහා ඝෘජුවම බලපාන බවත් මෙවැනි ගිනි තැබීම් තුළින් පරිසරයේ සමතුළිතතාවය බිදවැටීමට ලක්වන බව ද හෙතෙම කියා සිටියා.

මේ අතර මොරගහ කන්ද ජලාශයේ ජල මට්ටම 32%ක් දක්වා පහත බැස ඇති බවයි මහජන සම්බන්ධතා නිලධාරීවරයා කියා සිටියේ.

වර්ෂාව නොමැතිකමින් මොරගහකන්ද ජලාශය ආසන්යේ මෙන්ම මාතලේ දිස්ත්‍රිකිකයේ ප්‍රදේශ රැසකට පානිය ජලය හිගවී ඇති බව ද සඳහන්.

SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here