Home Local පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් 290ක් සොයාගනියි

පිළියන්දල නිවසකින් විද්‍යුත් ඩෙටනේටර් 290ක් සොයාගනියි

847
0

පිළියන්දල – හැඩිගම ප්‍රදේශයේ නිවසක සගවා තිබූ විද්‍යුත් ඩෙටනෙටර් 290ක් සමගින් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය ඊයේ (15) සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනාත් සමඟ එම ඩෙටනේටර් ලබාදුන් පුද්ගලයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here