Home Local පානදුර – උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

පානදුර – උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

353
0

ටී – 56 ගිනිඅවි 02ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානගේගේ සේවය අත්හිටුවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පසුගිය ජුලි මස 06 වනදා පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි 02ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ සේවය අත්හිටවූ බවයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here