Home Local ”දේශපාලන විගඩම් වලට අකමැති නිසා උත්සවය වර්ජනය කළා” – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

”දේශපාලන විගඩම් වලට අකමැති නිසා උත්සවය වර්ජනය කළා” – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

579
0

ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින නුවරඑළිය මහ රෝහලේ නව ගොඩනැඟිල්ල විවෘත කිරිමේ උත්සවයට සහභාගී නොවී කළුපටි පැළඳගෙන සිටීම සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වා සිටියා.

එහිදී නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය චමත් ලියනගේ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

”රෝහලේ වැඩ කරගෙන ගිය ඒකක අද මේ උත්සවය නිසා හදිසි ප්‍රතිකාර ඒකකය, මුලික ප්‍රතිකාර ඒකකය වැඩ නවත්තල පැරණි රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා පාලකයින් විසින්. මෙම තත්වය නිසා රෝගී ප්‍රතිකාර ඒකකයට බරපතල ප්‍රහාරයක් එල්ල වෙලා තිබෙනවා. රජයේ වෛද්‍යවරුන් ලෙස අපි දකින්නේ රෝගීන්ගේ වෛද්‍ය සත්කාරය තමයි අංක එක. හදිසි ප්‍රතිකාර ඒකකය හා මූලික ප්‍රතිකාර ඒකකය වැනි දේවල් මාස දෙකක් ඇතුළත එක එක තැන්වලට ගිනියනව කියන එක සෙල්ලමක් නොවෙයි. කව්ද මේ රෝගීන්ගේ ජීවිතවල අවධානම බාර ගන්නේ?

දේශපාලන විගඩමක් විදිහට රෝගීන්ගේ ජීවිතත් සමග කරන මේ සෙල්ලමට රජයේ වෛද්‍යවරුන් ලෙස අපි සම්පූර්ණයෙන්ම විරෝධය දක්වනව. ඒ නිසා තමයි අපි අද මේ රැස්වීමට සහභාගී වුණේ නැත්තේ. විශාල මුදලක් වියදම් කරනව. මේ මුදලින් තව කරන්න ගොඩක් දේවල් තියෙනව. මොකද නුවරඑළිය කියල කියන්නේ ගොඩක් දුප්පත් ජනතාව ජීවත්වන ප්‍රදේශයක්. ඒ වගේම ලංකාව ගත්තම මුලතිව්, කිළිනොච්චි වැනි දිස්ත්‍රික්ක හැරුණට පස්සේ එක වෛද්‍යවරයෙක් සඳහා වැඩිම රෝගීන් පිරිසක් හා අඩුම වෛද්‍යවරුන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය තමයි නුවරඑළිය. ඒ වගේ දිස්ත්‍රික්කයක වෛද්‍යවරුන්, හෙද, හෙදි නිලධාරීන් අඩුයි. සේවක සේවිකාවන් අඩුයි. ඒ ප්‍රශ්නය විඳන එක පැත්තක තියල අද රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා ඇතුලු පිරිසට වුවමන වෙලා තියෙන්නේ මේ උත්සවයක් තියල සතුටු වෙන එක පමණයි. ඒ දේ කරන්නෙත් මේ රෝගීන්ගේ ජීවත තර්ජණයකට ලක් කරලයි.

ඊයේ වෙනකම් වැඩකරපු කායික රෝගී වාට්ටුවේ අද දිනේ ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ පරණ රෝහලේ. මෙච්චර දවස් හදිසි ප්‍රතිකාර ඒකකයට ආව රෝගීන්ට අද එන්න වෙන්නේ පරණ රෝහලට. අද රෝහලට ආවනම් ඔබට දැක ගන්න පුලුවන් සායන වලට ආව රෝගීන් ප්‍රතිකාර ගන්න ඇවිත් කොච්චර අසරණ වෙලා සිටියද කියල. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම, එකම ව්‍යාපෘතියට ලැබුණ මුදල් නැවත නැවත එකම ගොඩනැඟිලි විවෘත්ත කරමින් සිටීම, අනවශ්‍ය මුදල් නාස්තිය ඇතුලු රෝගින්ගේ සත්කාරයට කරන මේ තර්ජණ වලට රජයේ වෛද්‍යවරුන් ලෙස විරෝධය පළ කරනව. රෝහලේ අධ්‍යක්ෂවරයා, වෛද්‍යවරුන් සමග සේවක මණ්ඩලය හා රෝගීන් දැඩි අපහසුතාවකට පත් වෙනවා. අපි රජයේ වෛද්‍යවරුන් විදිහට රෝහල් අධ්‍යක්ෂතුමාට ලිඛිතව දැනුම් දුන්නා මේකට අපි කැමති නෑ කියල. රෝගීන්ගේ ජීවිත අනතුරකට පත් කරන්න එපා කියල අපි ඉල්ලා සිටිනව.”

ක්‍රිෂාණ්තන්   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here