Home Hit සුපිරි පන්දුවාරය ජයගත් එංගලන්තයට ප්‍රථම වරට ලෝක ශූරතාවය

සුපිරි පන්දුවාරය ජයගත් එංගලන්තයට ප්‍රථම වරට ලෝක ශූරතාවය

493
0

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයෙන් ද පසු ජය වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගය ඉතිහාස ගත වූයේ එක්දින තරග ඉතිහාසයේ සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙසයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 241ක් රැස්කර ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නිකොලස් අර්ධ ශතකයක් (55) රැස්කළ අතර ටොම් ලේතම් ලකුණු 47ක් රැස්කරනු ලැබුවා.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වුණා.

ට්‍රෙන්ට් බෝල්ට් අවසන් පන්දුවාරය යොමුකළ බෙන් ස්ටෝක්ස් එම පන්දුවායේදී පන්දුවට පහර දෙමින් 0,0,6,6,,1 W (අඩිල් රෂිඩ් දුව්ද්දී දැවී ගියා),1 W (මාක් වුඩ් දුවද්දී දැවී ගියා) ඒ අනුව තරගයේ ලකුණු තත්ත්වය සමවුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් සුපුරි පන්දුවාරයකට යොමුවුණා.

ඒ අනුව මුලින්ම එංගන්තය පන්දුවට පහරදෙමින් ලකුණු 15ක් රැස්කළේය. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් රැස්කළ යුතුව තිබුණා.

කෙසේ වෙතත් නවසීලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 15ක් පමණි.

ඒ අනුව සුපිරි පන්දුවාරයද සමව අවසන් වූ අතර කෙසේ වෙතත් මෙහිදී මාටින් ගප්තිල් දුවද්දී යැවී යාමකට ද හසුවුණා.

එංගලන්ත කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂීත්වයක්.

නවසීලන්තයද මේ දක්වා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති අතර 2015 වසරේදීද එක්දින ලෝක කුසලාන අනුශූරයන් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here