Home Hit 2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක්

2020න් පසු ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක්

318
0

2020 වසරෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මේ වනවිට ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති අතර ඒ පිළිබඳව ඉකුත් සිකුරාදා (12) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායකයින් දැනුම්වත් කිරීමක් සිදුකළ බවද ඔහු කියා සිටියා.

ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පක්ෂ නායකයින් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බවද ළඟ එන පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව ඊළඟ මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දියයුතු බව එකඟතාවයකින් ප්‍රකාශ කළ බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

රංජන් කස්තුරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here