Home Hit හසලක ගාමිණි විරුවාගේ 28 වන ගුණ සැමරුම අලිමංකඩදී – PHOTOS

හසලක ගාමිණි විරුවාගේ 28 වන ගුණ සැමරුම අලිමංකඩදී – PHOTOS

356
0

ත‍්‍රස්තවාදි ග‍්‍රහණයෙන් රට බේරා ගැනීම වෙනුවෙන් දිවිදුන් හසලක ගාමිණි රණවිරුවාගේ 28 වැනි ගුණ සැමරුම උත්සවය අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අභියසදි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජේ.වි.රවිප‍්‍රිය හා ගාමිණි කුලරත්න රණවිරුවාගේ මැණියන් වන එස්.ජි.ජුලියට් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(14) සවස පැවැත්වුණා.

යාපනය, අලිමංකඩ යුධ හමුදා කදවුරට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වු 1991 ජුලි 14 වනදා සිය ජිවිතය පුජා කරමින් අලිමංකඩ කදවුර රැක ගැනීමට හසලක ගාමිණි රණවිරුවා කටයුතු කරනු ලැබුවා.

රට වෙනුවෙන් දිවිදුන් හසලක ගාමිණි විරුවාගේ පිළිරුව වෙත යුධ හමුදා ආචාරය පිරිනමමින් හා පුෂ්පෝපහාර දක්වමින් සැමරුම් උත්සවය පවත්වනු ලැබුවා.

සැමරුම් උත්සවය වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන සියලුම සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන් ඇතුථ පිරිසක් සහභාගි වි සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here