Home Hit තව්හිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහරියි

තව්හිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහරියි

600
0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළා.

මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නිමන්ති රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here