Home Business මෙරට ආර්ථික වර්ධනයේ අඩුවක්

මෙරට ආර්ථික වර්ධනයේ අඩුවක්

360
0

මෙම වසරේ (2019) ආර්ථික වර්ධනය මුලින් පුරෝකථනය කළ වර්ධනයට වඩා පහළ යන බව අපේක්‍ෂා කරන බවත්, අලුත්ම ගණනය කිරීම් අනුව ආර්ථික වර්ධනය මේ වසරේදී 03% දක්‌වා අඩුවනු ඇති බවට ඇස්‌තමේන්තු කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි පසුගිය 11 වනදා මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියා.

මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 04% කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව මුලින් පුරෝකථනය කර තිබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

සංචාරක කර්මාන්තය ද ඇතුළුව ආර්ථික ක්‍රියාකාරකම් මේ වන විට වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද එසේම සංචාරක පැමිණීම් ඉහළ යමින් තිබෙන බවද මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

2018 වසරේ සිවුවැනි කාර්තුවේදී වාර්තා කළ 1.8% ක අඩු ආර්ථික වර්ධනයට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථිකය 3.7% දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සංචාරක මූල්‍ය සහන පැකේජය යටතේ බැංකු හා මූල්‍ය ආයතනවලින් ගෙන ඇති රුපියල් බිලියන 101ක ණය මුදල් සඳහා සහන ඉල්ලා ඇති බවත් ඉන් ණය 945 කට අදාළව සහන ලබාදීම අනුමත වී ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.

පාස්‌කු ඉරිදා සිදුවූ ප්‍රහාරය මගින් ආර්ථිකයේ කොටස්‌කරුවන්ගේ විශ්වාසය සහ අපේක්‍ෂා මත බලපෑම් එල්ල කළ බවද, එමගින් විශේෂයෙන්ම සංචාරක සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් සිදුව ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියා.

මෙහිදී ඇතැම් අණපනත්වලට සංශෝධන කිරීමට ද යෝජනා කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ ඩී. එම්. රූපසිංහ පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here