Home Hit ආර්යාව කළ එළිබසී

ආර්යාව කළ එළිබසී

777
0

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ආර්යාව අද (13) හැටන් හි ජන හමුවක් අමාන්ත්‍රණය කලා.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ අඩු ආදායම්ලාභී තරුණියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබු බව වාර්තා වනවා.

මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව, අදායම් තත්ත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව විග්‍රහ කරනු ලැබුවේය.

දේශපාලන වේදිකාවට ආ සජිත්ගේ බිරිඳ

දේශපාලන වේදිකාවට ආ සජිත්ගේ බිරිඳ

Posted by Ada Derana Sinhala on Saturday, July 13, 2019

ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි.

සම්ප්‍රදායික දේශාපලන පක්ෂවල නායකයන්ගෙන් මිදි පොදු ජනතාවගේ දුක හඳුනන පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව චමිර පෙරේරා මහාතා කියා සිටියේය.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරීමට කැප වී කටයුතු කරන බවයි.

සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවය ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේය.

ජාතික මහ සභාවේ පළමු කාන්තා සම්මේලනයට වතුකරය නියෝජනය කරමින් තරුණියන් සහ කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වි සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here