Home Hit ධර්මසේන සහ මඩුගල්ල ලෝක කුසලාන අවසන් මහා තරගයට

ධර්මසේන සහ මඩුගල්ල ලෝක කුසලාන අවසන් මහා තරගයට

372
0

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ විනිසුරුවන් සහ තරග තීරකවරයා ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එහි විනිසුරුවන් ලෙස ශ‍්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ දකුණු අප‍්‍රිකාවේ මරායස් එරාස්මස් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තෙවන විනිසිරු ලෙස අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවේ රෝඩ් ටකර් කටයුතු කරනු ඇති.

සිව්වන විනිසුරු ලෙස පාකිස්තානයේ අලීම් ඩාර් පත් කර තිබෙනවා.

අවසන් මහා තරගයේ තරග තීරකවරයා වන්නේ ශ‍්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල වීම ද සුවිශේෂීත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here