Home Hit දෙමළ පක්ෂ 03කින් නව සන්ධානයක්

දෙමළ පක්ෂ 03කින් නව සන්ධානයක්

229
0

උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා පක්ෂ 03ක් සන්ධාන ගතවී එයට අදාළ අවබෝධතා ගිවිසුමකට ඊයේ (11) අත්සන් කරනු ලැබුවා.

ලංකා කම්කරු කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදි විමුක්ති පෙරමුණ යන පක්ෂ එක්ව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරුණා.

එහිදී ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් අනුෂා සිවරාජා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් අයි. කදිර් යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here