Home Local LTTE සංවිධානය වළදැමු රත්රන් හා ආයුධ සොයා මුලතිව්හි කැණීම්

LTTE සංවිධානය වළදැමු රත්රන් හා ආයුධ සොයා මුලතිව්හි කැණීම්

612
0

LTTE සංවිධානය අවසන් යුධ සමයේ වළදමා තිබු රත්රන් හා ආයුධ පවතින බවට සැකයක් මත මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්තක් ඊයේ (11) මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන් විසින් හාරා පරීක්ෂා කරනු ලැබීය.

පසුගිය මස 27 වනදා මුලතිව්, ශිවනගර් ප්‍රදේශයේ අදාළ ස්ථානයේ අනවසරයෙන් LTTE වළදැමු රත්රන් සෙවීම සිදුකළ කාන්තාවක් ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කරන ලෙසට මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය වෙත නියෝග කොට තිබුණා.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ශිවනගර් ප්‍රදේශයේ ගෙවත්ත හැරීම ඊයේ සිදුකළ අතර, එහිදි කිසිදු උපකරණයක් හමුනොවු බවයි පොලිසිය සදහන් කළේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් නිළධාරීන්, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්ගේ අධික්ෂණය යට‍තේ අදාළ කැනීම සිදුකෙරුණා.

පොලිසිය පැවසූවේ අඩි 05කට ආසන්න ප්‍රමාණයක් කැණීම සිදුකළ නමුත් අදාළ ස්ථානය තුළින් වළදැමු රත්රන් හෝ ආයුධ කිසිවක් හමුනොවු බවයි.

LTTE සංවිධානය අවසන් සමයේ ආයුධ හා රත්රන් වළදමා ඇති බවට පුදුකුඩිඉරිප්පු ආරක්ෂක අංශ වෙත ලද තොරතුරු මත ප්‍රදේශයේ ස්ථාන ගණනාවක් කැනීම් සිදුකළ නමුත් කිසිවක් හමුනොවිණ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here