Home Sports ”මිනිත්තු 45ක අතපසුවීම නිසා තරඟයෙන් ඉවත් වෙන්න වුණා” – විරාට් කෝලි

”මිනිත්තු 45ක අතපසුවීම නිසා තරඟයෙන් ඉවත් වෙන්න වුණා” – විරාට් කෝලි

864
0

මිනිත්තු 45ක කාලයක් තුළ සිදු වූ අතපසුවීම් හේතුවෙන් සිය කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බව ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කොලි පවසනවා.

නවසීලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගය පරාජයට පත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

තරගයේ පළමු දිනයේ දී සිය පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යැවූ බවත්, හඹා යා හැකි ලකුණු සංඛ්‍යාවකට නවසීලන්ත කණ්ඩායම සීමා කළ බවට තම කණ්ඩායම සිතා සිටි බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් නවසීලන්තය ඉතා හොදින් පන්දු යැවූ බවයි කොලි වැඩිදුරටත් කියා සිටින්නේ.

පන්දු රකින්නන් ද ඉතාමත් සැලසුම් සහගතව ස්ථානගත කර තිබූ බව ඉන්දීය නායකයාගේ අදහසයි.

ඉන්දීය ඉනිමේ ආරම්භක මිනිත්තු 45ක කාලය තුළ පිතිකරුවන් නිසි ලෙස ක‍්‍රීඩා නොකිරීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත්, එය පිළිගැනිමට පවා අපහසු බවත් කෝලි මෙහිදී කියා සිටියා.

මාධ්‍ය හමුවේ සම්පූර්ණ දර්ශන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here