Home Hit ඉන්ධන මිල පහතට

ඉන්ධන මිල පහතට

238
0

ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 02 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුලියල් 05 කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිල රුපියල් 05 කින්ද අඩුකර තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියානු තෙල් සමාගමත් ඊයේ මධ්‍යම රාත‍්‍රීයේ සිට ඉන්ධන මිල අඩු කරනු ලැබුවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 03 කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 05 කින් සහ සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 05 කිනුයි අඩුකර ඇත්තේ.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 144ක් ලෙසත් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලිටරයක මිල රුපියල් 162ක් ලෙසත් සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 131ක් ද වනවා.

ඔටෝ ඞීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවූ අතර එහි මිල රුපියල් 104ක් ලෙස සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here