Home Local සෝපා ගිවිසුමට එරෙහිව ත්‍රි’මලේ විරෝධතා

සෝපා ගිවිසුමට එරෙහිව ත්‍රි’මලේ විරෝධතා

603
0

අමෙරිකාවට ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් ලබාදී අමෙරිකානු යුධ කදවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට යන බව කියමින් නැගෙනහිර මහජන සන්ධානය මගින් අද (11) ත්‍රිකුණාමලය නගරයේ උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

“ඇමෙරිකන් සෝපා ගිවිසුම් මර උගුල පරදවමු“ යන තේමාව මුල්කරගෙන පැවැති මෙම උද්ඝෝෂණයේදි “ ඇමෙරිකා හමුදා කදවුරු අපට එපා“ “ ආණ්ඩුව මේ යන්නේ කොයිබටද“ “ රට විකුණන දේශපාලකයන් ඉන්නේ ශ්‍රි ලංකාවේ.“ “ මැරුණත් ඇමෙරිකාවට ත්‍රි/මලය දෙන්නේනැහැ” යනුවෙන් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබුවේ.

උද්ඝෝෂණය අවසන් කරමින් අදහස් දැක්වු නැගෙනහිර මහජන සංවිධානයේ සභාපති ප්‍රාදේශිය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා පැවසුවේ ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් අමෙරිකාවට ලබාදි අධි නාගරික ප්‍රදේශයක් ඉදිකර ඉතිරි ඉඩම්වල හමුදා කදවුරක් ඉදිකිරිමට එරෙහිව මරාගෙන හෝ ගිවිසුම පරාජය කරන බවයි.

හොර ගිවිසුම් පරාජය කිරිමට ත්‍රිකුණාමලයේ ජනතාව පෙල ගැසි ඇති බවද හෙතෙම කියසිටියා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here