Home Hit ”පාස්කු දා සහ පෙරදා ටාජ් හෝටලයේ සිටි අය ගැන සැකයි” – දයාසිරි...

”පාස්කු දා සහ පෙරදා ටාජ් හෝටලයේ සිටි අය ගැන සැකයි” – දයාසිරි ජයසේකර

362
0

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සිදු වූ දා සහ ඊට පෙර දින රැයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ කාමරවල සිටි අය සහ ආහාර ගැනීමට පැමිණ සිටි අය කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ කාරක සභාවට වාර්තාවක් කැඳවීමට ඊයේ (10) තීරණය කර තිබෙනවා.

කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මෙම තීරණයට එළැඹියේ ඊයේ දිනයේ කැඳවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කළ ඉල්ලීමකට අනුවයි.

අපේ‍්‍රල් 21 වනදා ටාජ් සමුද්‍ර හෝටලය පිපිරවීමට පැමිණි මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා බෝම්බය පුපුරුවන්නේ නැතිව යළි හැරී ගොස් දෙහිවලදී එම බෝම්බය පුපුරුවා හැරීම සැක සහිත බවත්, ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සාක්කි දෙමින් සඳහන් කර සිටියා.

ටාජ් හෝටලයේ එදින යම් ප‍්‍රභූවරුන් සිටින බවට මත පළවෙන බව කී මන්ත්‍රීවරයා බෝම්බකරු එහි බෝම්බය පුපුරුවන්නේ නැතිව ආපසු ගොස් දෙහිවලදී පුපුරුවා ගැනීම සැක සහිත බව සඳහන් කර සිටියා.

එම නිසා අපේ‍්‍රල් 21 වනදා සහ ඊට පෙරදා (20) එම හෝටලයේ සිටි සහ ආහාර ගත් අය කවුරුන්ද කියා සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අජිත් අලහකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here