Home Hit එංගලන්තයේ සිට මෙරටට ගෙන්වූ කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වූ කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

483
0

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට ගොස් එම කන්ටේනර් පරික්ෂා කිරීමකින් පසුව මෙසේ උපදෙස් දුන් බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න සඳහන් කළේ.

එම කන්ටේනර්වල තිබු පාවිච්චි කළ මෙට්ට තොගයෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි යැයි ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කළ බව ද කී ඔහු පාවිච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙකී ආනයනය කළ සමාගම රේගුවට ප‍්‍රකාශ කර තිබුණ ද එම කන්ටේනර්වල තිබුණේ කසල ගොඩක් බවට පත්ව තිබු මෙට්ට තොගයක් බව ද සඳහන් කර සිටියා.

මෙට්ට තොගයක් බව කියැවෙතත් එහි අඩංගු දේ හැඳින්විය හැක්කේ කුණු ගොඩක් වශයෙන් යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

විනීතා එම් ගමගේ

සබැඳි පුවත් – එංගලන්ත කුණු කන්ටේනර් 98ක් ලංකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here