Home Local මෙවර දළදා පෙරහැරේ ආරක්ෂාව තර කරයි

මෙවර දළදා පෙරහැරේ ආරක්ෂාව තර කරයි

243
0

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

පෙරහැර රාජකාරි සම්බන්ධව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඊයේ (09) මහනුවර පොලිස් මූලස්ථානයේදී පෙරහැර ආරක්ෂාවට සම්බන්ධ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා.

අගෝස්තු 05 වැනිදා සිට 15 වැනිදා දක්වා මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශයන්හි මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කලාප 13ක් ඔස්සේ මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර එහි සෑම කලාපයක්ම පොලිස් අධිකාරි හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මෙයට අමතරව එම කලාපයන්ද උප කලාප හා අනු කලාප ලෙස බෙදා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

එම වකවානුවේ රථ වාහන හැසිරවීමේ රාජකාරි සඳහා ද මූලික අවධානයක් යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here