Home Sports දින 10කට බංගලාදේශ් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

දින 10කට බංගලාදේශ් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

368
0

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලෙසින් යෙදී තිබෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මස 26 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇති.

එක්දින තරග 03කින් සමන්විත එම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වනදා ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර දින 10ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග 03ම දිවා/රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියළුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සංචාරක කණ්ඩායම එම තරගාවලිය නිමවා බංග්ලාදේශ කණ්ඩායම ලබන අගෝස්තු මස 01 වනදා නැවතත් පිටත්ව යෑමට නියමිතයි.

තරඟ කාල සටහන

ජූලි 26 – පළවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

අගෝස්තු 01 – බංග්ලාදේශ පිල පිටත්ව යෑම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here