Home Local විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහලේ ඉහළ මහලින් බිමට පැන සියදිවි නසාගනියි

විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහලේ ඉහළ මහලින් බිමට පැන සියදිවි නසාගනියි

722
0

රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු රෝහල් ගොඩනැගිල්ලේ 05 වැනි මහලින් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි මරදාන පොලිසිය පවසනවා.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ නාරාහේන්පිට, ඇල්විටිගල මහල් නිවාසවල පදිංචිව සිටි සිරිසේන කඩවතආරච්චි (88) නමැති කොළඹ මහාධිකරණයේ විශ‍්‍රාමික විනිසුරුවරයෙකි.

මෙම සිද්ධිය 05 වනදා රාත‍්‍රී 9.50 ට පමණ සිදුවී ඇති අතර මෙම හිටපු මහාධිකරණ විනිසුරුවරයා දියවැඩියාව ඇතුළු තවත් රෝග කීපයකට අදාළව කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයි ද සඳහන්.

පසුව ඔහුගේ වෛද්‍ය පුත‍්‍රයා ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස දිවි නසාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය සඳහන් කර සිටිනවා.

විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා මියගොස් සිටි ස්ථානයට පැමිණි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර විසින් මුලික හදිසි මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවා.

පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ වෛද්‍ය පුතු වන සුසන්ත කඩවතආරච්චි (45) යන අය සාක්ෂි දෙනු ලැබුවා.

එසේම මෙම මියගිය විනිසුරුවරයා ප‍්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ ප‍්‍රධාන හෙද නිලධාරිනිය මෙම මස 13 වනදාට උසාවියට ඉදිරිපත් කරන්නැයි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියම කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබදව මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් මර්වින් (31974) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here