Home Hit ලංවිමට තෙල් දෙන්න තෙල් සංස්ථාව එකඟ වෙයි

ලංවිමට තෙල් දෙන්න තෙල් සංස්ථාව එකඟ වෙයි

275
0

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි උත්පාදන කටයුතු සඳහා යළි ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකගතාව පළකිරීම හේතුවෙන් මතුවී තිබූ විදුලි අර්බුදය ඊයේ (09) දහවල් වන විට විසදී තිබෙනවා.

රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්ව ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට හිග මුදල් නොගෙවීම හේතුවෙන් ඉන්ධන ලබාදීම අත්හිටුවා තිබුණා.

මේ හේතුවෙන් පෙරේදා (08) රාති‍්‍ර හදිසියේම රට පුරා ප‍්‍රදේශ ගණනාවකට විදුලිය සැපයීම අත්හිටුවීමට විදුලිබල මණ්ඩලයට සිදුවුණා.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ජාවකින් අනතුරුව ඛනිජ තෙල් සංස්ථාව යළිත් ඉන්ධන ලබාදීමේ එකගතාවකට පැමිණ ඇත.

සමන් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here