Home Local තබ්බෝව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටෙයි

තබ්බෝව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටෙයි

617
0

පුත්තලම ප්‍රදේශයේ පිහිටා ඇති වැව් අතරින් විශාලතම හා පැරණිතම වැව ලෙස සැලකෙන තබ්බෝව ජලාශයේ ජල මට්ටම පවතින අධික නියං තත්ත්වය හේතුවෙන් සීඝ්‍රයෙන් සීදි ගොස් තිබෙනවා.

මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දවීම සිදුවුව ද මෙම නියං තත්ත්වය හේතුවෙන් අවට ප්‍රදේශ කිහිපයක මෙවර කුඹුරු අස්වැද්දවීම සම්පූර්ණයෙන් නැවතී ඇතැයි ද සඳහන්.

පසුගිය වර්ෂයේ පුත්තලමට ඇද හැළුන ධාරාණිපාත අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම සති 02ක් වැනි කාලයක් තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණද, පසුව මාසයක් ගතවීමටත් මත්තෙන් අදාල ජලය පැවති අව්රශ්මිය හේතුවෙන්ද වාෂ්ප වීම ආරම්භ වීමත්, නියං තත්ත්වය නිසාවෙන් ජලාශයේ ජල මට්ටම මේ වන විට පහත වැටී තිබීමක් දක්නට ලැබෙනවා.

මේ වන විට ජලාශයේ ස්ථාන කිහිපයක ඉරි තැලී පොළොව පුපුරා ගොස් දිය කඩිති තැනින් තැන දක්නට ඇතැයි ද සඳහන්.

ප්‍රියංකර කළුපහන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here