Home Business හෙට දින එළියකරනා අපේ තාරුණ්‍ය

හෙට දින එළියකරනා අපේ තාරුණ්‍ය

365
0

ඕනම පැලයක හෝ බීජයක අවශ්‍යතාවය වන්නේ වැඞීමයි. නමුත් එය වැඞීම සඳහා මනා පරිසරයක් තිබීම එහි වර්ධනයේ සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරී වේ. චමීර ප‍්‍රසාද් ජයසිංහ යනු කුඩා කල සිටම සාර්ථකව වැඞී සරු ඵල දැරීමේ අපේක්‍ෂාවෙන් වර්ධනයවූ කුඩා පැලෑටියකි. ඔහු පාසල් අවධියේ සිටම අධ්‍යාපනය කෙරෙහි දැක්වූයේ කැපීපෙනෙන දක්‍ෂතාවයකි. මෙයට අමතරව මෘදුකාංග නිර්මාණ කාර්යය සඳහා ද චමීර කැපීපෙනෙණ දක්‍ෂතා දැක්ව අතර, එම හැකියාවන් ඔප්නංවා ගැනීම සඳහා ඔහු යොමුවූයේ SLIIT උසස් අධ්‍යාපන ආයතනය වෙතට ය.


චමීරගේ දිවියේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂය වන්නේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිංගප්පූරුවේ මෘදුකාංග තරඟයක් ජයග‍්‍රහණය කිරීමයි. එයින් සිය හැකියාවන් පිළිබඳ විශ්වාසයක් චමීර තුළ ඇතිකිරීමට සමත්වූවා පමණක් නොව, ඔහුගේ දක්‍ෂතා කෙරෙහි සැමදෙනාගේම අවධානය යොමු කරගැනීමටද එය ප‍්‍රබල කරුණක් විය. මෙම ජයග‍්‍රහණය සමගින් චමීර SLIIT උසස් අධ්‍යාපන ආයතනයෙහි අධ්‍යාපන වරම් හිමිකරගනු ලැබුවේ විශේෂ ශිෂ්‍යත්වයක් පවා හිමිකර ගනිමිනි. මෙහිදී සිය හැකියාවන් වර්ධනය කරගනිමින් සාර්ථක ලෙස උපාධිය හිමකරගත් චමීර, නව මෘදුකාංග නිර්මාණකරුවකු ලෙස සිය වෘත්තීය දිවියේ ස්ථාවරත්වයට පත්වෙමින් ‘Arimac Lanka’ නමින් තොරතුරු තාක්‍ෂණ සහ සේවා ආයතනයක් ආරම්භ කළේය. නව ව්‍යවසායකයින් සඳහා දිරි දීමක් වශයෙන් SLIIT වෙතින් සපයා ඇති incubator පහසුකම යටතේ ස්ථාපනයකර, පර්යේෂණ කාරයය සිදුකරණා මෙම ආයතනය, වර්තමානය වන විට දේශීය වශයෙන් පරිපූර්ණ වූ ඩිජිටල් විසඳුම් සැපයීමේ කාර්යයේදී කැපීපෙනෙන ආයතනයක් බවට පත්ව ඇත්තේ තාරුණ්‍යයේ නිර්මාණශීලී නවෝත්පාදන හැකියාවන් සහ නූතන මිනිස් අවශ්‍යතා සමඟ මනාව මුසුකරමින් හෙට ලොවට ගැළපෙන ඩිජිටල් සේවාකරණයේ නිරතවීමෙනි.


සිය හැකියාවන් තුළින් තම දිවිය පමණක් නොව, එවැනි දක්‍ෂතා ඇති බොොහා් තරුණ පිරිසකට අවස්ථාව ලබාදෙමින්, වර්තමාන තාරුණ්‍යයට මහඟු ආදර්ශයක් බවට පත්ව ඇති චමිර ප‍්‍රසාද් ජයසිංහ, හෙට දින ලාංකීය තාරුණ්‍යයේ පෙරගමන් කරුවන් හට මහඟු මගපෙන්වන්නෙකි.

පහත වීඩියෝවද නරඹන්න

වැඩි විස්තර සඳහා www.sliit.lk වෙත පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here