Home Hit දිවයිනේ ප්‍රදේශ රැසක පැයක විදුලි කප්පාදුවක්

දිවයිනේ ප්‍රදේශ රැසක පැයක විදුලි කප්පාදුවක්

412
0

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබානොදීම හේතුවෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙගාවොට් 150ක විදුලියක් නිපදවිමට නොහැකිවීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබෙයි.

කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අද (09) පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here