Home Travel බගාන් අගනුවර ලෝක උරුම ලැයිස්තුවට

බගාන් අගනුවර ලෝක උරුම ලැයිස්තුවට

863
0

11 වන සහ 13 වන සියවස්වලදී ගොඩනැගූ වෙහෙර විහාර 3500කට අධික සංඛ්‍යාවකින් සමන්විත මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

අසර්බයිජානයේ බාකු නුවරදී යුනෙස්කෝව විසින් එය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බගාන් නුවර වෙහෙර විහාරස්ථාන වලට 2016 වසරේ එහි ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.8ක භූ කම්පනයෙන්ද හානි සිදුවී තිබෙනවා.

බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට 1995 වසරේදී ද යෝජනා වුවද එවකට පැවති හමුදා රජය විද්වත් නිර්දේශ නොතකමින් ඉපැරණි නගරයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම නිසා එය ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අනුව බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීම මියන්මාරයේ සංචාරක කර්මාන්තයට ද මහත් පිටිවහලක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here