Home Local ”රාජිත මට කරන චෝදනා ඔප්පු කළොත් ජාතික ඇඳුම ගලවා මහපාරේ පයින් යනවා”...

”රාජිත මට කරන චෝදනා ඔප්පු කළොත් ජාතික ඇඳුම ගලවා මහපාරේ පයින් යනවා” – නිරෝෂන් ප්‍රේමරත්න

317
0

”රාජිත සේනාරත්න ඇමතිවරයා මට කරන චෝදනා වලින් අබමල් රේණුවක දෙයක් වත් ඔප්පු කර ගැනීමට හැකි වුවහොත් තමා ජාතික ඇඳුම ගලවා දමා මහ පාරේ පයින් යන්න ලෑස්තියි” යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගිය 06 වනදා පිටබැද්දර නිල්වලා බ්‍රීස් උත්සව ශාලාවේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල පිහිටුවීමේ රැස්වීමට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා නම් මම කාගෙ හරි කුඩු වලට සම්බන්ධයි, කාගෙන් හරි සල්ලි අරගෙන තියෙන, කාට හරි දුරකථන ඇමතුමක් දීලා තියෙනවා කියලා ජීවිත කාලේ ඔප්පු කළොත් මම ජාතික ඇඳුම ගලවා මහ පාරේ යන්න ලෑස්තියි. හැබැයි රාජිත සේනාරත්නට මේ එක දෙයක්වත් කරගන්න බැහැ. හැබැයි මම රාජිත සේනාරත්න ඇමතිවරයාට එක දෙයක් කියනවා පුලුවන්නම් පාර්ලිමේන්තු වටරවුමේ ඉඳලා කළුතරට පයින් ගිහින් පෙන්නන්න කියලා” යනුවෙන් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here