Home Local කොටගල ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්වයක් – PHOTOS

කොටගල ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්වයක් – PHOTOS

553
0

කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් කලු පටි පැළද සභාවට පැමිණිම හේතුවෙන් සභාව තුල උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවුණා.

කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද්ගේ (ලංකා කම්කරු පක්ෂය) ප්‍රධානත්වයෙන් අද (09) උදැසන 10ට එම ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි මාසික සභා රැස්විම පැවැත්වුණා.

සභා වාරයට එම සභාවේ සභාපතිවරයා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රිවරුන් 05 දෙනෙකු සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියක් ඇතුළු 07 දෙනෙකු කලු පටි පැළද සභාවට පැමිණිමෙන් පසු කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සභාව හමුවේ කියාසිටියේ වතු කම්කරුවන්ට රජය මගින් රු 50ක වැටුපක් ලබාදෙන බව පැවසුවත්, එම වැටුප මෙතෙක් වතු කම්කරුවන්ට ලබා දි නොමැති බවත්, එම මුදල ලබාදිමට රජය පාර්ශවයේ සමග එක්ව කටයුතු කරන වතුකරයේ දේශපාලඥයන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්ය.

සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සිව්දෙනෙක් සභාව තුල නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් සභාව හමුවේ කියාසිටියේ වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කල රු 50 මුදල හිග මුදල ද සමග ලබාදිමට මේ වන විට රජය සමග එක් වි සිටින වතුකරයේ දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගිය දා වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවබෝධතා ගිවිසුමකට එලඹි වතු එකාබද්ධ වෘත්තිය සමිතිය වතු කම්කරුවන්ව පවා දි ඇති බවයි.

එවන් අවස්තාවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශාපලඥයන් රජය සමග සාකච්ඡා කර වතු හාම්පුතුන් වැඩි කල වැටුපට අමතරව රු 50 ක දිමනාවක් වැටුපට ලබාදිමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ වෘත්තිය සමිති නායකයින් කටයුතු කරමින් සිටින බවයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here