Home Hit කිලිනොච්චියේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි – PHOTOS

කිලිනොච්චියේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි – PHOTOS

590
0

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (08) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කලක් අතහැර දමා තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හමුවි ඇති බවයි.

T – 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ 02ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එලෙස හමුවු බව පොලිසිය සඳහන් කළේ.

පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ගෙවත්ත අයිතිකරු ලබාදුන් තොරතුරක් මත පොලිස් නිළධාරීන් ගොස් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගො‍ඩගෙන ඇති අතර, සොයාගත් පුපුරණ ද්‍රව්‍ය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here