Home Environment එංගලන්ත කුණු කන්ටේනර් 98ක් ලංකාවට

එංගලන්ත කුණු කන්ටේනර් 98ක් ලංකාවට

721
0

එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 98ක් ලංකාවට ගෙන්වා තිබියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කන්ටේනර්වල තිබී භාවිතයෙන් ඉවත්කරන ලද මෙට්ට, කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද තිබී ඇතැයි පරීක්ෂණවලදී හෙළිව තිබේ.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වා ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here