Home Entertainment සාක් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරීට

සාක් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරීට

440
0

09 වන සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වූ අනෝමා ජනාදරී මහත්මියට හිමිවුණා.

එමෙන්ම එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමනායක හොඳම සංස්කරණයට හිමි සම්මානය හිමිකර ගත්තා.

නාගර් කිර්තාන් නම් ඉන්දියානු චිත්‍රපටය හොඳම වෘතාන්ත චිත්‍රපටය බවට පත්වූ අතර, හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මාන ලැබුණේ නා බොලේ වෝ හරාම් නම් ඉන්දියානු චිත්‍රපටයටයයි.

නාගර් කිර්තාන් අධ්‍යක්ෂණය කළ කෞෂික් ගංගුලි හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබුවා.

හොඳම තිර රචනයට සම්මාන ලැබුණේ ලෙටර් ටු ද ප්‍රසිටන්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අසීස්ටයි.

නාගර් කිර්තාන් චිත්‍රපටයේ රඟපෑ චක්‍රමෝර්ති හොඳම නළුවා සම්මානය හිමිකරගත්තා.

ජූලි 02 වනදා සිට පැවති සාක් චිත්‍රපට උළෙල ඊයේ (07) නිමාවට පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here