Home Local රථවාහන වැරද්දකට 80,000ක දඩයක්

රථවාහන වැරද්දකට 80,000ක දඩයක්

419
0

බිමත්ව රියදුරු බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලිද නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් 80,000ක දඩයක් නියම කරනු ලැබුවා.

මෙසේ දඩ නියම වුයේ ගාල්ල හේවගේ ගාමිණි නමැති විත්තිකරුවෙකුටයි.

රාත්‍රි 11ට පමණ ඔහු බිමත්ව වලංගු රියදුරු බලපත්‍රයක්ද යතුරු පැදියේ ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකයද නොමැතිව ධාවනය කරමින් සිටියදි උණවටුන, යටගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමත්ව සිටිමේ චෝදනාවට රුපියල් 25,000ක දඩයක්ද, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිවිමේ චෝදනාවට රුපියල් 25,000ක් ද, ආදායම් සහතිකය නොමැතිවිමේ චෝදනාවට රුපියල් 15,000ක දඩයක්ද රක්ෂණ සහතිකය නොමැතිවිමේ චෝදනාවට රුපියල් 15,000ක් වශයෙන්ද මෙසේ රුපියල් 80,000ක දඩයක් නියම කෙරුණා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here