Home Hit මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රන් සම්මානයෙන් පිදුම් ලබයි

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රන් සම්මානයෙන් පිදුම් ලබයි

407
0

නිවැරදි මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 03ක් තෝරා සම්මාන පිරිනැමූ අතර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් වුණා.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ වෙත අදාළ සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here