Home Hit භූ ගර්භ පරීක්ෂා කරන විශේෂ ගුවන් යානයක් කටුනායකට

භූ ගර්භ පරීක්ෂා කරන විශේෂ ගුවන් යානයක් කටුනායකට

842
0

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය ඉකුත් ඊයේ (07) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ( spectrem air property ) ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය අඩි 10,000ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියාසලන අතරතුරම පොලව අභ්‍යන්තරයේ මීටර් 800ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක්කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සදහන්.

ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදුකරන ආයතනයකි.

මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර ඔවුන් මේ වන විට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබෙනවා.

එම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන හෙට (09) පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතයි.

මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මැතිතුමා ජපානයේ පැවති G – 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here