Home Hit ”ජනාධිපතියි අගමැතියි එකම පක්ෂයෙන් තෝරා ගත යුතුයි”- අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

”ජනාධිපතියි අගමැතියි එකම පක්ෂයෙන් තෝරා ගත යුතුයි”- අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

297
0

ඉදිරි ජනාධිපතිවරණයේදී එකම පක්ෂයකින් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පත්විය යුතුය යන්න මගේ හැඟීම බවත්, එසේ නොවුනානම් මේ පවතින අවුල ඉදිරි වසර 05 තුළත් ඇතිවීම කිසිවෙකුටත් වළක්වන්න බැරි බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා.

තලවකැලේ හොලිරූඩ් වත්තේ හා සෙන්ක්ලෙයාර් වත්තේ ගිනි ගැනීමට ලක්ව විනාශයට පත් වු නිවාස හිමියන්ට භාණ්ඩ ලබාදීමේ උත්සවයකට ඊයේ (07) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වු වතු නිවාස 24ක හා සෙන්ක්ලෙයාර් වත්තේ ස්ටාලින් කොටසේ ගිනි ගැනීමට ලක් වු වතු නිවාස 06ක පදිංචිව සිටි පවුල් 30ක් සඳහා භාණ්ඩ ලබාදීම අමාත්‍යවරයා විසින් සිදුකරන ලදි.

එක් පවුලකට රුපියල් 22000ක වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් මෙසේ ලබාදෙනු ලැබුවා.

එහෙදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“දැන් සියළුම දෙනා දන්නවා අද තියෙන විශේෂ මාතෘකාව ඊලග ජනාධිපතිවරයා කවුද යන්න කියලයි. ඒ ජනාධිපති මැතිවරණයේදි කවුද අපේක්ෂකයෝ කියලයි කතා කරන්නේ. ජනාධිපති මැතිවරණය ගැන කතා කරන කොට සියළුම පක්ෂ කියනවා අපේ පක්ෂයෙන් තමයි ජනාධිපති අනෙක් පක්ෂයෙන් තමයි අගමැති කියලා. විශේෂයෙන්ම පොහොට්ටුවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි කියනවා අපේ ලක්ෂයේ තමයි ජනාධිපති. අනෙක් පක්ෂයේ තමයි අගමැති කියලා.

විශේෂයෙන්ම මම කියන්නේ මෙම ජනාධිපතිවරණයේදී ජනතාව තීරණයක් ගන්න ඕනැයි. ඒ තමයි එකම පක්ෂයකින්ම ජනාධිපතියි, අගමැතියි තෝරා ගන්න. එහෙම ආවොත් තමයි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දැන් තිබෙන මේ අවුල ඉදිරි වසර පහේත් තියෙයි. කොයි පක්ෂයේ හරි ජනාධිපතියි, අගමැතියි පත්විය යුතුයි. එහෙම උනොත් තමයි අපේ රටේ ප්‍රශ්ණ විසදා ගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ” යයි කියා සිටියා,.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here