Home Local දකුණු ආසියාවේ වේගයෙන් වැඩිවන වයස්‌ගත ජනගහනය ශ්‍රී ලංකාවෙන්

දකුණු ආසියාවේ වේගයෙන් වැඩිවන වයස්‌ගත ජනගහනය ශ්‍රී ලංකාවෙන්

406
0

වසර 2030 වන විට සැම ශ්‍රී ලාංකිකයින් 05 දෙනකුගෙන්ම 01 අයකුම වයස අවුරුදු 60 ඉක්‌මවූවන් වන බව අනාවරණය වී ඇතැයි එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා.

මෙරට වයස්‌ගත වන ජනගහනයෙන් බහුතරය කාන්තාවන් වීම නිසා ඉදිරියේදී ඔවුන් මුහුණපාන දැඩි අභියෝගයන්ට රටක්‌ වශයෙන් දැන් සිටම සූදානම් වී සිටිය යුතු බව ජනගහන අරමුදල පෙන්වා දෙන්නේ.

දකුණු ආසියාවේ වේගයෙන් වැඩි වන වයස්‌ගත ජනගහනය සිටිනුයේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය වී ඇති අතර, මෙරට කාන්තාවන්ගේ වත්මන් අපේක්‌ෂිත ආයු කාලය අවුරුදු 79 ක්‌ද, පිරිමින්ගේ ආයු කාලය අවුරුදු 72 ක්‌ද වනවා.

මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වේගවත් දියුණුව හේතුවෙන් වර්තමානයේ මෙරට කාන්තාවන්ට වයස අවුරුදු 60 වන විට තවත් වසර 19 කින්ද, පිරිමින්ට වයස අවුරුදු 60 වන විට තවත් වසර 12 කින්ද ආයු කාලය දීර්ඝ කර ගත හැකි තත්ත්වයක්‌ පවතින බවයි ජනගහන අරමුදල පෙන්වා දෙන්නේ.

මෙරට වයස්‌ගත ජනගහනය ඉදිරියේදී මුහුණදෙනු ලබන අභියෝගයන් ජය ගත යුතු ආකාරය පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ”සීමාවකින් තොරව වයස්‌ගතවීම” යනුවෙන් ප්‍රතිපත්තිමය සංවාදයක්‌ ශ්‍රී ලංකාවේ මෙම දිනවල පවත්වාගෙන යනු ලබනවා.

ඒමන්ති මාරඹේ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here