Home Local බස් වර්ජනයකට සැරසෙයි

බස් වර්ජනයකට සැරසෙයි

364
0

බස් ගාස්තු පිළිබඳ පැරණි ජාතික ප්‍රතිපත්ති අහෝසි කර නව ප්‍රතිපත්තියක් ඉදිරි මාස 03ක කාලය ඇතුළත හඳුන්වාදෙන බව ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි සඳහන් කර සිටියා.

ඒ අනුව පැරණි ප්‍රතිපත්ති යටතේ බස්ගාස්තු සමාලෝචනය ජූලි මස 01 වනදාට යෙදී තිබුණ ද ඉදිරියේ දී නව ප්‍රතිපත්ති යටතේ ම අදාළ ගාස්තු සමාලෝචනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ජූලි මස මුල් සතිය තුල බස් ගාස්තු සමාලෝචනයක් සිදු කළහොත් තමන් වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු වීමට කටයුතු කරන බවයි.

දැනට මොරටුව විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කර ඇති ඇප් එකක් හරහා බස් ගාස්තු විෂමතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහි වැඩ කටයුතු අවසන් වූ වහාම බස් ගාස්තු නව ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කොට නව බස් ගාස්තු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවයි කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

වින්ද්‍යා ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here