Home Local ලක්ෂ 80ක රන් බිස්කට්ටුවක් කටුනායක දී අත්අඩංගුවට

ලක්ෂ 80ක රන් බිස්කට්ටුවක් කටුනායක දී අත්අඩංගුවට

403
0

රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්ටුවක්, බිස්කට් පැකැට්ටුවක සගවා ගෙන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ ප්‍රංශ ජාතික ගුවන් මගියෙකු ඊයේ (04) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 48 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකි .

ඔහු ප්‍රංශයේ සිට ඕමානය වෙත ගොස් එතැන් සිට ඕමාන් ගුවන් සේවයේ WY – 373 දරන ගුවන් යානයෙන් ඊයේ සවස 3.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

පසුව ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී ඔහුගේ ගමන් මල්ලේ වූ බිස්කට් පැකැට්ටුවක් තුළ සගවාගෙන තිබූ මෙම කිලෝග්රැම් 01ක් බර රත්තරන් බිස්කට්ටුව රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here