Home Hit තව්හීද් ජමාත් ඊලග ප්‍රහාරය දළඳා මාලිගාවට බව හෙළිදරව් වෙයි

තව්හීද් ජමාත් ඊලග ප්‍රහාරය දළඳා මාලිගාවට බව හෙළිදරව් වෙයි

989
0

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවට විමර්ශනවලින් හෙළිවී ඇති බව ‘දිවයින ‘ පුවත්පත වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබෙන බවත් එහි සඳහන්.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශන වලින් හෙළිවී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here