Home Local ගින්නට හසුවුණු ජීවිත – PHOTOS

ගින්නට හසුවුණු ජීවිත – PHOTOS

599
0

වවුනියාව, පට්ටකාඩු ප්‍රදේශයේදී අද (05) අලුයම ගව මඩුවක හටගත් ගින්නකට හසුවීමෙන් එළගවයින් දෙදෙනෙකු පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ අද අලුයම 1.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්වි ගින්න නිවීමට උත්සහ කළද පැවති වියළි කාළගුණ තත්වය හමුවේ ගින්න පැතිර ගොස් ඇති බවයි.

එළදෙනක් හා වසු පැටියෙකු එලෙස ගින්නට හසුව පිළිස්සි ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තවත් වසු පැටවුන් දෙදෙනකු ගින්නෙන් පිළිස්සුම් තුවා ලබා තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here