Home Hit කේප්පාපිලව් වල යළි බෝම්බ පිපිරෙයි

කේප්පාපිලව් වල යළි බෝම්බ පිපිරෙයි

928
0

මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව මුලතිව් මුල්ලියාවෙලි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ විශාල ශබ්දයක් සමඟ යම් පිපිරීමක් සිදුව ඇති අතර, පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ බරැති බෝම්බයක් පිපිරීමේ ශබ්දයක් වැනි ශබ්දයක් සමඟ පිපිරීම සිදුව ඇති බවයි.

මුලතිව් ජනතාව පැවසූවේ කේප්පාපිලව්, නන්දිකඩාල්, මුල්ලිවයික්කාල් ප්‍ර‍දේශවල සෙලවීමක් ඇතිවන තරමේ පිපිරීමක් ඇතිව ඇති බවයි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (05) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව මුල්ලියාවේලි පොලිසියසඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here