Home Local යාපනයේ වෙළඳ සැළකට ප්‍රහාරයක්

යාපනයේ වෙළඳ සැළකට ප්‍රහාරයක්

580
0

යාපනය, සංගානෙයි ප්‍රදේශයේ වෙළඳ සැළකට ඊයේ (03) රාත්‍රියේ කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ අදාළ ප්‍රහාරයෙන් වෙළඳසැළ ඉදිරිපස ගිනිගෙන ඇති අතර, වෙළඳ සැළ තුළ තිබු භාණ්ඩ වලට ද හානිවි ඇති බවයි.

අනතුරින් වෙළඳසැළ ඉදිරිපස සිටි දරුවන් දෙදෙනෙකුට හා වැඩිහිටියෙකුට සුළු තුවාල සිදුව ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කර සිටියා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ප්‍රහාරය සිදුකොට පළාගොස් ඇතැයි සඳහන්.

අදාළ ප්‍රහාරය ආවා කල්ලියේ ප්‍රහාරයක් බවට සැකපළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here