Home Hit ලොව ධනවතා දික්කසාදයෙන් තවත් වාර්තාවක් තබයි

ලොව ධනවතා දික්කසාදයෙන් තවත් වාර්තාවක් තබයි

375
0

ලෝ ප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික දැවැන්තයා සහ දැනට ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) තවත් ආකාරයේ වාර්තාවක් බිඳ දමා තිබෙනවා.

ඒ බෙසොස් සහ ඔහුගේ කර්තෘ බිරිඳ මැකෙන්සි අතර දික්කසාදය ලෝකයේ මිල අධිකම දික්කසාදය ලෙස වාර්තා අතරට එක්කරමින්.

බෙසොස්ට සිය බිරිඳගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 38ක් වැය කිරීමට සිදුව තිබෙනවා.

මෙම විසඳුම මැකෙන්සි ලෝකයේ සිව්වන ධනවත්ම කාන්තාව බවට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැකෙන්සි සහ ජෙෆ් විවාහ වී වසර 26කට ආසන්න කාලයක් ගතවී ඇති අතර, ජනවාරි මාසයේ දී බෙසෝස් තමාට වංචා කළ බවට මැකෙන්සි චෝදනා කිරීමෙන් පසු අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ දික්කසාදය ගොනු කරනු ලැබුවා.

මෙම යුවළට දරුවන් 04 දෙනෙකු ද වනවා.

පුදුම සහගත කාරණය නම්, මෙම බේරුම්කරණය ජෙෆ්ට කෙසේවත් බලනොපාන අතර ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 118ක් වන ඔහු ලොව ධනවත්ම පුද්ගලයා වනු ඇත.

මේ අතර මැකෙන්සි සිය ධනයෙන් අඩකට වඩා විශාල පරිත්‍යාගයක් සඳහා කැප කිරීමට අදහස් කරන බව ද නිවේදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here