Home Hit සුපිරි ක්‍රීඩකයා ලෝක කුසලානය අතරතුර බිරිදගේ පිතිකරණය බලන්න යයි

සුපිරි ක්‍රීඩකයා ලෝක කුසලානය අතරතුර බිරිදගේ පිතිකරණය බලන්න යයි

400
0

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එංගලන්තයේ තරඟ වදිනවා. ඕස්ට්‍රේලියා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ මිචෙල් ස්ටාක් ගේ බිරිඳ ද කාන්තා කණ්ඩායමේ සාමාජිකයෙකි. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහු සිය බිරිඳ ක්‍රීඩා කරනු නැරඹීමට ක්‍රීඩාංගණයට ගොස් සිටින අයුරු සහ එහිදී ඇය අර්ධ ශතකයක් රැස් කිරීමෙන් අනතුරුව සිය සැමියා දෙසට පිත්ත ඔසවා ආචාර කරනු අයුරුයි .

නමින් ඇලිෂා හිලි වන ඇගේ සහ මිචල් ස්ටාක් ගේ සහ සම්බන්ධය බොහෝ ඈතට දිව යන්නකි. මොවුන් දෙදෙනා මුලින්ම හමුවන්නේ දෙදනාගේම වයස අවුරුදු 9 දිය. එවකට කනිෂ්ට ක්‍රීඩා සංගමයක ඔවුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව තරඟ වැදී ඇත. පසුව ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ස්ටාක් ගේ පියා ගේ උපදෙස් අනුව ඇය වයස අවුරුදු 11න් පහල ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකිම ආරම්භ කොට තිබෙනවා. ඉන් පසුව දෙදෙනාම එකම කණ්ඩායමට වසර 6 ක් ක්‍රීඩා කොට ඇති අතර ඇය පසුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුලත් වීමත් සමග ඊට නැවතුම තබන්නට සිදුවෙනවා. මේ කාලය තුලදී ඔවුන් දෙදෙනා එකිනෙකාගේ හොදම මිතුරන් වූ අතර පසුව දෙදෙනා අදරවන්තයන් බවට පත් වෙනවා.

කුඩා කල සිය ක්‍රීඩා සගයා. තරුණ වියේ හොදම මිතුරා. දෙදනාම එකට ජාතික කණ්ඩායමට ඇතුලත් වීම. විවාහ වීම මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ විරල අවස්ථාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here