Home Hit ”රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව මෙයයි” – අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

”රාජ්‍ය සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව මෙයයි” – අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

421
0

රජයේ සේවකයන්ට වැඩියෙන්ම සළකපු ආණ්ඩුව මෙය බව රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම, විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිවීම සහ රජයේ සංවර්ධන කටයුතු රැසක් පිළිබද පැහැදිලි කරමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සමස්ථ රාජ්‍ය සේවකයින් වසර ගණනාවක් සිට ලැබුවේ සුඵ වැටුපක් බවත්, ඔවුන් තම වැටුප මදි යැයි නොයෙක් වර මැසිවිලි නගමින් සිය වැටුප වැඩිකර ගැනීම සදහා වසර ගණනක සිට පාරට බැස අරගල කළ බවත් කියා සිටියා.

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප රැපියල් 10,000කින් වැඩිකරන බවට දුන් පොරොන්දුව 2015 මැතිවරණයේදී වත්මන් රජය බලයට පත්වී මාස 03කින් ක්‍රියාවට නැංවූ බව ද එම මුදල කොටස් 04ක් යටතේ වැටුපට එක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම රැපියල් දසදහසේ දීමනාව වැඩිවීමත් සමඟ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප දෙගුණයකටත් වඩා වැඩිවූ බවයි
ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කළමනාකරණ සහකාර, හෙද, රියදුරු, කාර්යාල කාර්ය සහායක ආදී දීප ව්‍යාප්ත රාජ්‍ය අංශයේ සේවා රැසක වැටුප් වල පැහැදිලි වර්ධනයක් සිදුවූ බව ද සිය රජය යටතේ සෑම රජයේ සේවකයකුගේම වැටුප 107%කින් වැඩිවූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනූව ඔහු පැවසූයේ අතිකාල සහ සංයුක්ත දීමනාද ඇතුඵව රාජ්‍ය සේවකයාට ගෞරවනීය අනාගතයක් උදාකරගත හැකි වැටුපක් වර්තමානයේ දී ලැබෙන බවයි.

2015 වසරේ වත්මන් රජය බලයට පත්වී මුල් මාස 03ක කාලය තුළ විශ්‍රාමික වැටුප් සංශෝධනය සිදුකල බවත් රුපියල් 10,000 දීමනාවට අමතරව මෙම මස 01 වන දින සිට රුපියල් 25000ක දීමනාවක් රාජ්‍ය සේවකයින් හට ලබාදීමට කටයුතු සලසා ඇති බවත් ඒ සඳහා මේ වසරේ අයවැයෙන් රැපියල් මිලියන 10,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කරනු ලැබුවා.

රාජ්‍ය සේවකයින්ට ලබාදුන් අනෙකුත් පහසුකම් ලෙස මෙතෙක් ලබාදුන් නිදහස් දුම්රිය බලපත්‍ර 02, 03ක් දක්වා වැඩි කිරීම ද විශ්‍රාමිකයන් හට හිමිවන අග්‍රහාර රක්ෂණ පහසුකම් ප්‍රතිලාභ පිළිබදවද පැවසූ අතර වී බඩ ඉරිගු වැනි ගොවීන්ගේ අමුද්‍රව්‍ය සදහා හොද මිලක් ලබාදෙමින් රාජ්‍ය සේවකයන්ට මෙන්ම ගොවි, කම්කරු ආදී ක්ෂේත්‍ර රැසකට සහන සැලසූ බවත් ප්‍රකාශ කර සිටියා.

අමාත්‍යවරයා එහිදී මාධ්‍ය අමතා සඳහන් කර සිටියේ රජයේ වැරදි පමණක් උලුප්පා නොදක්වන ලෙසත්, රජය සිදුකල සංවර්ධන ක්‍රියා සදහා ද ප්‍රචාරයක් ලබාදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here