Home Hit බෙලිඅත්ත දුම්රිය ස්ථානය වසා දමයි

බෙලිඅත්ත දුම්රිය ස්ථානය වසා දමයි

852
0

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (04) බෙලිඅත්ත දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

රාජකාරී කාලය තුළ දී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.

දුම්රිය ශ්‍රේණිගත සහ වෘත්තීය සමිති 85කට අධික සංඛ්‍යාවක් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් පෙරේදා මධ්‍යම රාත්‍රී සිට ධාවනය කර නොමැති අතර ඊයේ දිනයේදී දුම්රිය ස්ථානය තුළට ඇතුළු වන සියළු දොරටු වසාදමා තිබූ ආකාරය ද දක්නට හැකිවුණා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here