Home Hit පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතියට කැබ්නට් අනුමැතිය

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතියට කැබ්නට් අනුමැතිය

236
0

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්ය බළකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳාගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳාගැනීම වෙනුවෙනුයි මෙම කාර්ය බළකාය පිහිටුවා ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම් කටයුතු භාරගැනීම සඳහා සුදුසු ආයෝජකයන් වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබෙනවා.

ඒ අනුව ව්‍යාපෘතියේ තාක්‍ෂණික හා මූල්‍ය ශක්‍යතා අධ්‍යයනය හා ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගය අවසන් කිරීමට හා එකී ගැටලු සඳහා මැදිහත්වී තීරණ ගැනීමට කාර්ය බළකාය ලෙස කටයුතු කිරීමට ප්‍රධාන කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව පත්කිරීම සඳහා බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here