Home Hit අක්මීමන පාසලකට බලෙන් ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙක් වෙඩි පහරින් මරුට

අක්මීමන පාසලකට බලෙන් ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙක් වෙඩි පහරින් මරුට

459
0

අද(04) දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරී යොදවා තිබී ඇත.

විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ දරා ඇත.

එම අවස්ථාවේ දී එය මැඩ පැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇත.

මිය ගිය ගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි අයෙක් බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here